Thursday, September 18, 2014

TOYOTA වෙතින් අනාගතය ජයගන්නා අද්විතීය මෝටර් රථයක්

s

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා විසින් අනාගත විලාසිතාවෙන් හැඩවූ නවතම මෝටර් රථයක සැලසුම් හෙළිදරව් කර තිබේ.

මෙම මෝටර් රථයේ අභ්‍යන්තර හැඩතල සහ වර්ණ අනාගතයේදී මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය වෙනස් වන ආකාරය පිළිබඳව පෙරනිමිති පළකරන බව විචාරකයින්ගේ අදහසයි.

ඉතාමත් තියුණු හැඩතල වලින් සමන්විත පෙට්ටියක හැඩයෙන් යුක්ත මෙම මෝටර් රථය අති නවීන තාක්ෂණික මෙවලම් වලින් සමන්විතව සැලසුම් කර තිබෙන බව සඳහන්ය.

මෝටර් රථ සැලසුම එළිදක්වා තිබෙන්නේ ටොයොටා සමාගමේ Calty නිර්මාණ සහ සමීක්ෂණ කණ්ඩායම විසිනි.



Source:-www.adaderanabiz.com

No comments:

Post a Comment