Friday, October 3, 2014

Windows 10 නිකුත් වෙයි !


 Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. එය    සංවිධානය කර තිබුනේ නවතම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි. නමුත් බොහෝ දෙනා විශ්මයට පත්කරමින් මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ.




මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.



Source:- techguru.lk

Thursday, September 18, 2014

TOYOTA වෙතින් අනාගතය ජයගන්නා අද්විතීය මෝටර් රථයක්

s

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා විසින් අනාගත විලාසිතාවෙන් හැඩවූ නවතම මෝටර් රථයක සැලසුම් හෙළිදරව් කර තිබේ.

මෙම මෝටර් රථයේ අභ්‍යන්තර හැඩතල සහ වර්ණ අනාගතයේදී මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය වෙනස් වන ආකාරය පිළිබඳව පෙරනිමිති පළකරන බව විචාරකයින්ගේ අදහසයි.

ඉතාමත් තියුණු හැඩතල වලින් සමන්විත පෙට්ටියක හැඩයෙන් යුක්ත මෙම මෝටර් රථය අති නවීන තාක්ෂණික මෙවලම් වලින් සමන්විතව සැලසුම් කර තිබෙන බව සඳහන්ය.

මෝටර් රථ සැලසුම එළිදක්වා තිබෙන්නේ ටොයොටා සමාගමේ Calty නිර්මාණ සහ සමීක්ෂණ කණ්ඩායම විසිනි.



Source:-www.adaderanabiz.com

Apple iPhone 6 පළමු දිනයේ ම මිලියන 4ක් අලෙවි වෙයි....


Apple සමාගම වෙළෙඳපොළට ඉදිරිපත් කළ iPhone 6 සහ iPhone 6 Plus යන ස්මාර්ට් ජංගම දුරකතන පළමු දිනයේදී ම මිලියන 4ක් අලෙවි වී තිබේ.


Source :- ABC News/CNN
                www.gsmareana.com

ඇපල් ගැන අපුරු තොරතුරු ටිකක්