Microsoft
සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවක් සංවිධානය කර
තිබුනා. එය සංවිධානය කර තිබුනේ නවතම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා
දීමටයි. නමුත් බොහෝ දෙනා විශ්මයට පත්කරමින් මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින
හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10
මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ.
මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති
ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක්
දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස්
මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10
ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
Source:- techguru.lk